පසුගිය 2012 වසරේ දෙසැම්බර් මස රටේ ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූයේ රත්මලාන ගොළු මඩම හන්දිය ආසන්න නිවසකදී සැමියෙකු තම බිරිය හා දරු දෙදෙනා නිදි යහනේදී ගෙළ සිරකර හා පුළුස්සා මරා දැමූ ම්ලේච්ඡ ඝාතන ත්‍රිත්වයයි.
තරුණියක හා සරණයාමේ අදහසින් මෙම මිනීමැරුම් සිදුකළ මධුර මනුරංග ද සිල්වා නමැති හිටපු විධායක නිලධාරියා වසර එකහමාරක සිර ද~ුවම් විඳීමෙන් පසු මින් මාස කිහිපයකට පෙර ඇප මත නිදහස්වුණා. දැන් ඔහු සේවය කළ ආයතනය පැවරූ මුදල් වංචා නඩුවක් නිසා නැවත සිරගත වන්නට සිදුව ඇත.
ඔහු සේවය කළේ මොරටුව බ්‍රැන්ඩික්ස්
ඇ`ගලූම් කර්මාන්ත ශාලාවේ ගිණුම් අංශයේය.
මේ ආයතනයේ සේවය කළ කාලයේ ඔහුට රුපියල් ලක්ෂ එකහමාරකට වැඩි වැටුපක් මාසිකව හිමිවුණා. ඔහු ඒ කාලයේ මිනීමැරුම සිදු කිරීමෙන් පසු තරුණියක හා විවාහවී පදිංචියට යාමට නිවාස හා දේපළද රහසින් මිලට ගෙන තිබුණ අතර විදේශගතවීමට ගුවන් ටිකට්පත්ද ලබාගෙන තිබුණා.
මෙම නඩුව ආරම්භ වුණ කාලයේ ඔහු සම්බන්ධව ඔහු හදාගත් මව සහ හිතවතුන් මෙන්ම අදාළ තරුණියද සත්‍ය සාක්ෂි සැපයූ නමුත් නඩුව පසුකාලීනව විභාග වෙද්දී ඔහුගේ ඝාතනයන්ට සාක්ෂි ප්‍රමාණවත් නැති සෙයක් දිස්වූ අතර ත්‍රිත්ව ඝාතනයක් සිදුකළ මේ සැකකරු අධිකරනයෙන් ඇප මත මුදාහරින්නටද කටයුතු කර තිබුණා.
සැකකරු එවකට සේවය කරමින් සිටි පෞද්ගලික ආයතනයේ රු. 1,56,41,080 ක මුදලක් වංචා කිරීම හා සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය වෙත නඩුවක් ගොනුවූයේ මින් අනතුරුවයි.
ඔහු සේවය කළ මොරටුව බ්‍රැන්ඩික්ස් ආයතනය මගින් මෙම නඩුව පවරා තිබුණ අතර ඔහු මිනීමැරුමට පෙර මෙම ආයතනයෙන් මිලියන 15 සොරකම් කර ආයතනයට ඉල්ලා අස්වීම භාරදී ඇති බවක්ද පරීක්ෂණවලදී අනාවරණයවී තිඛෙනවා.
රහස් පොලිසිය සිදු කළ විමර්ශන වලින් පසුව ඔහුව නැවතත් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට පෙරේදා ඉදිරිපත් කළා.
ඒ අනුව ලබන 9 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැඩ බලන මහෙස්ත්‍රාත් සී. ඒ. ධර්මතිලක මහතා නියෝග කළේය.
රත්මලාන පෞද්ගලික ඇගලූම් ආයතනයක සේවය කරමින් සිටියදී ආයතනයට අවශ්‍ය යන්ත්‍ර 37ක් මිල දී ගැනීම සඳහා ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර රු. 1,56,41,087 ක මුදලක් වංචා කිරීම පිළිබඳව එම ආයතනයේ කළමනාකාරිත්වය විසින් රහස් පොලිසිය වෙත මෙම පැමිණිල්ල සිදු කර තිබුණා.