මර්වින්ගේ පුතාට බි්‍රතාන්‍ය යුවළ පහරදුන් කතාව පාරාවළල්ලක් වෙයි මාලක දැන් අත්අඩංගුවේ..

පසුගිය 31 වනදා රාත්‍රීයේ කොළඹ ඩුප්ලිකේෂන් පාරේ රිදම් ඇන්ඩ් බ්ලුස් නමැති සමාජ ශාලාවකදී බි්‍රතාන්‍ය ජාතික යුවළකගෙන් පහරකා තමන්ට අධික ලෙස තුවාල වුණ බව කියමින් ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා රෝහල් ගතවූ අතර ඔහුගේ මිතුරෙකු එම විදේශීය යුවළට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
එම ප්‍රකාශ අනුව විමර්ශන කර ෙජ්ම්ස් ෆ්‍රැන්සිස්(48) හා ඛෙලින්ඩා මැකෙන්සි(24) නමැති එම බි්‍රතාන්‍ය ජාතිකයා හා බිරිය සොයාගත් පොලිසිය කරුණු විමසීමේදී ඇත්තටම පහරකෑවේ ඔවුන් බව අනාවරණය කරගත්තා.මාලකගේ නාසය අවට සුළු තුවාලයක් තිබුණත්
යුවළට ඊට වඩා තුවාල සිදුවී ඇති බව පෙනී ගිය නිසා මාලකගේ පාර්ශ්වයේ පැමිණිල්ල ගැන පොලිසියට සැක ඇතිවුණා.
අනතුරුව සමාජ ශාලාවේ සීසීටීවී වීඩියෝ පරීක්ෂා කිරීමේදී මාලක සිල්වා සහ ඔහුගේ පරිවාරකයින් 5 දෙනෙකු සමාජ ශාලාවේදී මෙම යුවළ බිම පෙරළාගෙන පහරපිට පහර දෙන ආකාරය දැක ගන්නට ලැබුණා.මෙම බි්‍රතාන්‍ය යුවළ උපන් දින සැමරුමක් සඳහා ලංකාවට පැමිණ එදින රාත්‍රියේ සමාජ ශාලාවේ උපන්දිනය සමරමින් සිටි සාදය අතරතුර ඇතිවූ බහින්බස්වීමක් මත මෙම සිද්ධිය දුරදිග ගොස් ඇත.

ලැබුණ සාක්ෂි මත මාලක සිල්වා අත්අඩංගුවට ගත් පොලිසිය

පසුගිය 1 වනදා ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අතර මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඔහු 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියම කළා.

ගැටුමෙන් සුළු තුවාල ලැබූ මාලක සිල්වාගේ තත්වය බරපතල බව පෙන්වීමට ඇමතිවරයාට අවශ්‍ය වූ අතර ඔහු කියා සිටියේ විදේශිකයෙකුගේ පහර දීමක් නිසා තුවාල ලත් තම පුතු සුව කර ගැනීම සඳහා තම පුතුව සිංගප්පූරුවට ගෙන යන බවත්

එසේ සුව කළ නොහැකි වුවහොත් මල් ශාලාවකට ගෙන යන්නට වුව සූදානම් බවයි.
බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි රිදම් ඇන්ඩ් බ්ලුස් රාත්‍රි සමාජ ශාලාවේදී බි්‍රතාන්‍ය ජාතිකයකුට සහ ඔහුගේ පෙම්වතියට අමානුෂික ලෙස පහරදීමට මාලක සමග එක්වූ සිද්ධියට සම්බන්ධ මාලක සිල්වාගේ ආරක්ෂකයන් බව කියන පුද්ගලයන් හත්දෙනකු මේ වන විට අතුරුදන්ව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මාලක බන්ධනාගාරගත කරන ලද්දේ මහෙස්ත්‍රාත්වරයා රෝහල වෙත ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. මේ වන විට සැකකාර මාලක සිල්වා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මැද එම පෞද්ගලික රෝහලේම රිමාන්ඩ් සිරකරුවෙක් ලෙස ප්‍රතිකාර ලබමින් සිටියි.

01 වැනිදා අලූයම 1.00 ට පමණ මාලක සිල්වා ඇතුළු පිරිස එම රාත්‍රි සමාජ ශාලාව වෙත පැමිණ ඇත්තේ අධික ලෙස බීමත්ව බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. පහරකෑමට ලක්වූ බි්‍රතාන්‍ය ජාතිකයාගේ උපන් දිනය එදිනට යෙදී තිබුණු අතර ඔහු සිය පෙම්වතිය සමඟ එහි පැමිණ

නටමින් විනෝද වෙමින් සිට ඇත. එම අවස්ථාවේදී මාලක සිල්වා බි්‍රතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය සමඟ රංගනයේ යෙදී තිබේ. එහිදී එම තරු‚ය සහ මාලක සිල්වා අතර බහින්බස් වීමක් සිදුවී තිබේ. පසුව මාලක සිල්වා ඇයට පහර දී ඇතැයි කියති. එම අවස්ථාවේදී බි්‍රතාන්‍ය ජාතිකයා තම පෙම්වතිය බේරාගැනීමට උත්සාහ කරද්දී සැකකාර මාලක සිල්වාගේ ආරක්ෂකයන් ඔහුට සහ පෙම්වතියට අමානුෂික ලෙස පහර දී ඇත.

සමාජ ශාලාවේ කාර්ය මණ්ඩලය මැදිහත්වී විදේශිකයා සහ ඔහුගේ පෙම්වතිය බේරාගෙන ඔවුන් දෙදෙනා රෝහල්ගත කර ඇත.
සිද්ධිය පොලිසියට හා අධිකරණය දක්වා ගෙනයාමට විදේශිකයින් දෙදෙනාට අවශ්‍ය නොවූ අතර ඔවුන් පසුව පොලිසියට පැමිණ මේ ගැන වැඩිදුර සොයාබැලීමට අවශ්‍ය නැති බව කියා පිටව ගොස් ඇත. නමුත් මාලකගේ මිතුරාගේ පෙර පැමිණිල්ල සාවද්‍යවීම මත පොලිස් පරීක්ෂණ සිදුව තිබුණා.
ඊයේ සවස බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සිද්ධිය හෙළා දකින බවත් මේ සම්බන්ධයෙන් සොයා බලන බවට ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.
පහරදීමේ සිද්ධියේ සියල්ල සමාජ ශාලාවේ සී. සී. ටී. වී. කැමරාවල සටහන්ව තිඛෙන අතර ඒ ඔස්සේ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
මේ ආශ්‍රිතව අද පළවූ පත්තර කාටූනයක් පහතින්