වහිනකොට යන්න තැනක් කියනව ඇරෙන්න
අලූත් ගෙවල් හදල දෙන්න රජයට බැහැ...
- ඇමති මහින්ද අමරවීර
පසුගියදා කොස්ලන්ද නායයාම නිසා ඇතිවූ ඛේදවාචකයෙන් පසු මාධ්‍ය හමුවක් පැවැත්වූ ආපදා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර ඊයේ කියා සිටියේ මෙම නායයාම් ගැන තමා ඇතුළු නිලධාරීන් කල් ඇතිව දැන සිටි බවත් ඒ සඳහා සැලසුම් තිබුණ බවත්ය.
කන්ද උඩ නායයන තැන්වල ගෙවල් හැදීම සුද්දා කරපු වැරදි බවත් ඒවා නිවැරදි කරන්නට ඉඩම් ලබාදීමට හෝ නිවාස සැදීමට රජයට හැකියාවක් නැති බවත් කරන්නට හැක්කේ දැනුවත්කිරීම පමණක් බවත්
ඔහු තවදුරටත් කියා සිටියා.
මේ ගැන ඇසූ ප්‍රශ්න වලට ඇමතිවරයා දුන් පිළිතුරු පහත පරිදිය.
මේ සඳහා ඔබට සැලසුමක් තිබුණද?
zනිය`ගය අවසාන වෙනකොට නිය`ගය අවදියේදීම අපි දැනගෙන හිටියා ඊළ`ගට අපිට ගංවතුරකට සහ නායයාමකට මුහුණදෙන්න සිදුවෙයි කියලා. ඒ නිසා ඒකට මුහුණ දෙන්න අපි සැලසුම්
කළා...
ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ ක්‍රියාත්මක නොවුනේ ඇයි?
zදැන් සුද්දා කරපු වැරද්ද අපිට නිවැරදි කරගන්න ටික කාලයක් යනවා. මේ ගෙවල් හදන්න ඕන තැන නෙමෙයිනෙ ගෙවල් හදලා තියෙන්නෙ. මේක එකසැරේම අයින් කරල අපිට ගෙවල් හදල දෙන්න පුළුවන් කමකුත් නෑ එහෙම ඉඩමුත් නෑ. අපිට කරන්න පුළුවන් දේ තමයි නිරන්තරයෙන් දැනුවත් කිරීම.
මේ අයවත් දැනුවත් කරල තියනවා අපි ඒ අයට හුරුකරලා තියනව මෙච්චර ප්‍රමාණයක් වහින කොට යන්න ඕන තැන් පවා කියල තිබුනෙ..අපිට ඊට වඩා දෙයක් කරන්න අමාරුයිනේ...