2015 අයවැය මගින් මෝටර් රථ සඳහා හඳුන්වා දුන් නව සරල බද්ද හේතුවෙන් එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ සහ වෑන් රථවල මිල ගණන්වල කැපී පෙනෙන අඩුවීමක් සිදුවනු ඇතැයි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා ප්‍රකාශ කරනවා.
මේ නිසා හයබි්රඩ් මෝටර් රථ හා ජපන් මෝටර් රථවල මිල ගණන්ද
සුළු වශයෙන් අඩුවිය හැකි නමුත් එය කැපී පෙනෙන අඩුවීමක් නොවන බවද ඔහු කියනවා.
ඔහු ඒ ගැන දැක්වූ අදහස පහත පරිදිය.
—වෑන් රථවල විශාල ඉල්ලූමක් තිබුණා. අවශ්‍යතාවයට අපට ආනයනය කිරීමේ හැකියාවක් තිබුණෙ නෑ. ඒ ගැන රජය සලකා තුනෙන් එකක් විතර බදු අඩුකරල තිඛෙනවා. වෑන් රථ ආනයනය කිරීමට ඉදිරියේදී විශේෂ ඉඩ ප්‍රස්ථාවක් තිඛෙනවා.
මෝටර් රථ ආනයනය කිරීමේදී සරල බදු ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස වාහන ආනයන කරුවන් රජයෙන් ඉල්ලා සිටියා.මෙවර අයවැයෙන් එය ක්‍රියාත්මක කිරීම ජයග්‍රහණයක්. බදු සරල කිරීම නිසා බදු පැහැර හැරීම අඩුවී රාජ්‍ය බදු ආදායම වැඩිවනවා.
මේ අතර මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඒ ගැන දැක්වූ අදහස පහත පරිදිය.
z2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවනවා. මෙම අයවැය යෝජනාව එදින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන නිසා අනිවාර්යෙන්ම මෝටර් රථවල හා වෑන් රථවල මිල ඉක්මනින් අඩුවනවා. මෝටර් රථ හා වෑන් රථ ආනයනයේදී තිබූ බදු සියල්ල එකතු කර විශේෂ බද්දක් මෙවර අයවැය මගින් හඳුන්වා දී තිඛෙනවා. මේ නිසා, මෙම වාහනවල මිල අනිවාර්යෙන්ම අඩුවෙනවා.—
මෙම නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර තිබේ. මේ අනුව, කුඩා මෝටර් රථවල ආනයන බදු සියයට 29 කින් පමණ පහළ යනු ඇත.
වෑන් රථ සැලකීමේදී භාණ්ඩ ප්‍රවාහනය කරන වෑන් රථවල සියයට 175 කට තිබූ බද්ද සියයට 100 ක් දක්වාත් ආසන 13-20 ත් අතර තිඛෙන වෑන් රථවල ආනයන බදු සියයට 126 ක සිට සියයට 100 ක් දක්වාත් අඩුකර ඇත.