බොරලැස්ගමුව වැව පාරේ ගණිකා නිවාසයක් වටලයි..


ආයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් බොරලැස්ගමුව වැව පාර ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ග‚කා නිවාසයක් පොලීසිය විසින් වටලනු ලැබ තිබේ.

පොලීසිය පැවසුවේ, එහි සිටි කළමනාකාරිය බව කියන තැනැත්තයක සහ තවත් කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවය.



බොරලැස්ගමුව පොලීසියට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට පත් වූ කාන්තාවන් වයස අවුරුදු 29 ත් 40ත් අතර පසුවන්නන් බව  පොලීසිය පැවසීය.

ඔවුන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.