ඛෙහෙත් තුණ්ඩුවට තම ෆාමසියේ බෝතල් නොම්බර ලියන ඩොක්ටර්

රජයේ රෝහලක වෛද්‍යවරයෙකු තම රෝගීන්ට ඛෙහෙත් ලියද්දී ඒවා පිටතින් ගන්නට නියමකර එම ඛෙහෙත්වල නම් වෙනුවට බෝතල් අංක යොදා තමන් විසින් පුද්ගලිකව පවත්වා යන ෆාමසියකින් ඒවා මිලට ගන්න යයි නියම කර මඩිතරකරගත් ජාවාරමක් මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන් වටළා තිඛෙනවා.
හසලක ග්‍රාමිය රෝහලේ සේවයේ යෙදි සිටින එම් බී පරණගම නමැති වෛද්‍යවරයෙකු මෙම කූට උපාය කලක් තිස්සේ සිදුකරගෙන ගොස් ඇත. ඔහු එම නගරයේ පුද්ගලික ෆාමසියක් පවත්වා යන අතර
රජයේ රෝහලට එන රෝගීන්ට ඛෙහෙත් නියම කිරීමේදී රෝහලේ ඇති නොමිලේ දෙන ඛෙහෙත් පවා එම ෆාමසියෙන් මිලට ගන්න යයි නියම කිරීම ඔහු සිරිතක් වශයෙන් කරගෙන ගොස් ඇත.එම ෆාමසියට යාබදව රසායනාගාරයක්ද ඔහු පවත්වා ගොස් ඇති අතර ඒ සඳහාද රෝගීන් අයථා පරිදි යොමු කිරීමට ඔහු කටයුතු කර ඇත.




රසායනාගාරයේ හා ෆාමසියේ සේවයේ යෙදි සිට ඇත්තේ කිසිම පුහුණුවක් නොලත් සේවිකාවකි.
වෛද්‍යවරයා නොමැතිව ඛෙහෙත් ලබාදීමට ඇයට හැකියාවක් හෝ දැනුමක් තිබී නැත.
මේ නිසා වෛද්‍යවරයා රෝගීන්ට දෙන තුණ්ඩුවේ එම ෆාමසියේ බෝතල් අංක සටහන් කර තිඛෙන අතර සේවිකාව කරන්නේ අංකයට අදාළ බෝතලයෙන් ඛෙහෙත් ගෙන ලබාදීමයි.එවැනි තුණ්ඩුවකින් ඛෙහෙත් ලබාගන්නට හැක්කේ එම ෆාමසියෙන්ම පමණි.

වෛද්‍යවරයා විසින් රෝගින් සදහා රෝහලෙන් පිටත ලබාගැනිමට ලබා දෙන ඛෙහෙත් තුන්ඩු වෙනත් කිසිම ෆාමසියකින් තේරුම් ගන්නට බැරිව යාම නිසා රෝගීන් අපහසුතාවයට ලක්ව ඇත.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා නිලධාරීන් මෙම ෆාමසිය වටළනු ලැබූ අවස්ථාවේ
එම ෆාමසිය හා රසායනාගාරය බලපත්‍ර නොමැතිව ප්‍රමිතියකින් හෝ තොරව පවත්වාගෙන ගිය බව සනාථවී ඇත. එසේම මේ පිළිබඳ සිදු කළ පරීක්ෂණ අනුව වෛද්‍යවරුන් රෝගීන්ට කේත අංක යොදා ඛෙහෙත් නියම කිරීම ආචාර ධර්මයන්ට අනුකූල නොවන ක්‍රියා පටිපාටියක් බවද අනාවරණය කර ඇත.

හසලක රෝහල සදහා ප්‍රතිකාර ලබාගැනිම සදහා පැමිණෙන රෝගින් සදහා අනවශ්‍ය ආකාරයෙන් අයථා ලෙස රසායනාගාර පරික්ෂණ හා ඖෂධ තම මධ්‍යස්ථානයෙන් ලබා ගැනීමට නිරන්තරයෙන් මෙම වෛද්‍යවරයා කටයුතු කර තිබුණ බවද රෝගීන් සිදු කළ පැමිණිලි වලින් හෙළි කර තිබුණි.
රජය මගින් රෝගින් හට ලබාදිමට නියමිත ඖෂධ විශාල මිළ ගණන් යටතේ මෙම ෆාමසියේ අලෙවිකර ඇති බවද වාර්තා වුණා.

විශාල පැමි‚ලි සැලකිල්ලට ගනිමින් මෙම වැටලිම ආහාර හා ඖෂධ අධිකාරියේ ආහාර හා ඖෂධ පරික්ෂක ආර්. පි. ඩබ්ලිව් රාජපක්ෂ මහතා හා ඊ. පි. එදිරිසිංහ මහතා විසින් සිදු කරනු ලැබූ අතර
වෛද්‍යවරයා හා සේවිකාව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු යොදා ඇත.