ගූගල් විධායක නිලධාරියෙක් ලෝක වාර්තාවක් බිඳ හෙළා තිඛෙනවා.
ගුවන් කරණම් කේෂ්ත්‍රයේ වැඩි ම උසක සිට පැරෂූටයකින් බිමට පැණිමෙන් ලෝක වාර්තාව බිඳ හෙළීමට ගූගල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන ඇලන් යූස්ටස් සමත් විය.
ඔහු පෘථීවියේ සිට කිලෝ මිටර් 40ක් පමණ ඉහළ අහසට රැගෙන යනු ලැබුවේ, අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ සිට ගුවනට යවන ලද හීලියම් බැලුනයක ආධාරයෙනි.
විශේෂයෙන් නිර්මාණය කරන ලද අභ්‍යාවකාශ ඇඳුමකින් සැරසී සිටි 57 හැවිරි ඇලන් යුස්ටස් බැළුණයෙන් පිටතට පැනීමේදී ළඟා වූ වේගය පැයට කිලෝ මීටර් 1300කට අධික වේ.
මීට පෙර ගුවන් කරණම් කේෂ්ත්‍රයේ තබන ලද වාර්තා තුනක් බිඳ හෙලු ඔහු ශබ්දයේ වේගය ද අභිබවමින් පහළට පැමිŒ බව බීබීසී ලෝක සේවය සඳහන් කළේය.
මීට වසර දෙකකට පමණ පෙර අඩි 128,000 ක් තරම් උඩුගුවනේ සිට පැරිෂූටයකින් පැනීමෙන් මෙම වාර්තාවට හිමිකම් කීවේ ඔස්ට්‍රියානු ජාතික ෆීලික්ස් බොම්ගාට්නර් ය.
ඇලන් යූස්ටස් මෙම වාර්තාව බිඳ හෙලූවේ අඩි එක්ලක්ෂ තිස් පන්දහස් අටසිය අනූවක් ඉහළ අහසේ සිට පැරෂූටයකින් පැනීමෙනි.
පැරිෂුටය ක්‍රියාත්මක කිරීමට පෙර ඔහු නිදහසේ පහළ පැමි‚ දුර ප්‍රමාණය අඩි එක් ලක්ෂ විසි තුන්දහස් හාරසිය දහ හතරකි.
ඒ සඳහා ගතව ඇති කාලය මිනිත්තු 04කුත් තප්පර 27කි.
ගූගල් ලොක්කා පැරචුටයෙන් පැන ලෝක වාර්තාවක් තියලා..
4:44 AM
විදේශීය ගොසිප්