Turkey National Day Celebration in Sri Lanka


මෙතන Click කරලා ජයාරූප 56 බලන්න (ඔබ CLICK කළ පසු තප්පර 5 සිට ස්කිප් බටනය CLICK කරන්න )


http://adf.ly/tmp2A

කොස්ලන්ද කන්දෙ ගෙවල් හදලා මේවා සුද්දා කරපු වැරදි..

වහිනකොට යන්න තැනක් කියනව ඇරෙන්න
අලූත් ගෙවල් හදල දෙන්න රජයට බැහැ...
- ඇමති මහින්ද අමරවීර


පසුගියදා කොස්ලන්ද නායයාම නිසා ඇතිවූ ඛේදවාචකයෙන් පසු මාධ්‍ය හමුවක් පැවැත්වූ ආපදා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර ඊයේ කියා සිටියේ මෙම නායයාම් ගැන තමා ඇතුළු නිලධාරීන් කල් ඇතිව දැන සිටි බවත් ඒ සඳහා සැලසුම් තිබුණ බවත්ය.
කන්ද උඩ නායයන තැන්වල ගෙවල් හැදීම සුද්දා කරපු වැරදි බවත් ඒවා නිවැරදි කරන්නට ඉඩම් ලබාදීමට හෝ නිවාස සැදීමට රජයට හැකියාවක් නැති බවත් කරන්නට හැක්කේ දැනුවත්කිරීම පමණක් බවත්
ඔහු තවදුරටත් කියා සිටියා.
මේ ගැන ඇසූ ප්‍රශ්න වලට ඇමතිවරයා දුන් පිළිතුරු පහත පරිදිය.

මේ සඳහා ඔබට සැලසුමක් තිබුණද?
zනිය`ගය අවසාන වෙනකොට නිය`ගය අවදියේදීම අපි දැනගෙන හිටියා ඊළ`ගට අපිට ගංවතුරකට සහ නායයාමකට මුහුණදෙන්න සිදුවෙයි කියලා. ඒ නිසා ඒකට මුහුණ දෙන්න අපි සැලසුම්
කළා...

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ ක්‍රියාත්මක නොවුනේ ඇයි?
zදැන් සුද්දා කරපු වැරද්ද අපිට නිවැරදි කරගන්න ටික කාලයක් යනවා. මේ ගෙවල් හදන්න ඕන තැන නෙමෙයිනෙ ගෙවල් හදලා තියෙන්නෙ. මේක එකසැරේම අයින් කරල අපිට ගෙවල් හදල දෙන්න පුළුවන් කමකුත් නෑ එහෙම ඉඩමුත් නෑ. අපිට කරන්න පුළුවන් දේ තමයි නිරන්තරයෙන් දැනුවත් කිරීම.
මේ අයවත් දැනුවත් කරල තියනවා අපි ඒ අයට හුරුකරලා තියනව මෙච්චර ප්‍රමාණයක් වහින කොට යන්න ඕන තැන් පවා කියල තිබුනෙ..අපිට ඊට වඩා දෙයක් කරන්න අමාරුයිනේ...





මර්වින්ගේ පුතාට බි්‍රතාන්‍ය යුවළ පහරදුන් කතාව පාරාවළල්ලක් වෙයි මාලක දැන් අත්අඩංගුවේ..

පසුගිය 31 වනදා රාත්‍රීයේ කොළඹ ඩුප්ලිකේෂන් පාරේ රිදම් ඇන්ඩ් බ්ලුස් නමැති සමාජ ශාලාවකදී බි්‍රතාන්‍ය ජාතික යුවළකගෙන් පහරකා තමන්ට අධික ලෙස තුවාල වුණ බව කියමින් ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා රෝහල් ගතවූ අතර ඔහුගේ මිතුරෙකු එම විදේශීය යුවළට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
එම ප්‍රකාශ අනුව විමර්ශන කර ෙජ්ම්ස් ෆ්‍රැන්සිස්(48) හා ඛෙලින්ඩා මැකෙන්සි(24) නමැති එම බි්‍රතාන්‍ය ජාතිකයා හා බිරිය සොයාගත් පොලිසිය කරුණු විමසීමේදී ඇත්තටම පහරකෑවේ ඔවුන් බව අනාවරණය කරගත්තා.මාලකගේ නාසය අවට සුළු තුවාලයක් තිබුණත්
යුවළට ඊට වඩා තුවාල සිදුවී ඇති බව පෙනී ගිය නිසා මාලකගේ පාර්ශ්වයේ පැමිණිල්ල ගැන පොලිසියට සැක ඇතිවුණා.
අනතුරුව සමාජ ශාලාවේ සීසීටීවී වීඩියෝ පරීක්ෂා කිරීමේදී මාලක සිල්වා සහ ඔහුගේ පරිවාරකයින් 5 දෙනෙකු සමාජ ශාලාවේදී මෙම යුවළ බිම පෙරළාගෙන පහරපිට පහර දෙන ආකාරය දැක ගන්නට ලැබුණා.මෙම බි්‍රතාන්‍ය යුවළ උපන් දින සැමරුමක් සඳහා ලංකාවට පැමිණ එදින රාත්‍රියේ සමාජ ශාලාවේ උපන්දිනය සමරමින් සිටි සාදය අතරතුර ඇතිවූ බහින්බස්වීමක් මත මෙම සිද්ධිය දුරදිග ගොස් ඇත.

ලැබුණ සාක්ෂි මත මාලක සිල්වා අත්අඩංගුවට ගත් පොලිසිය

පසුගිය 1 වනදා ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අතර මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඔහු 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියම කළා.

ගැටුමෙන් සුළු තුවාල ලැබූ මාලක සිල්වාගේ තත්වය බරපතල බව පෙන්වීමට ඇමතිවරයාට අවශ්‍ය වූ අතර ඔහු කියා සිටියේ විදේශිකයෙකුගේ පහර දීමක් නිසා තුවාල ලත් තම පුතු සුව කර ගැනීම සඳහා තම පුතුව සිංගප්පූරුවට ගෙන යන බවත්

එසේ සුව කළ නොහැකි වුවහොත් මල් ශාලාවකට ගෙන යන්නට වුව සූදානම් බවයි.
බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි රිදම් ඇන්ඩ් බ්ලුස් රාත්‍රි සමාජ ශාලාවේදී බි්‍රතාන්‍ය ජාතිකයකුට සහ ඔහුගේ පෙම්වතියට අමානුෂික ලෙස පහරදීමට මාලක සමග එක්වූ සිද්ධියට සම්බන්ධ මාලක සිල්වාගේ ආරක්ෂකයන් බව කියන පුද්ගලයන් හත්දෙනකු මේ වන විට අතුරුදන්ව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මාලක බන්ධනාගාරගත කරන ලද්දේ මහෙස්ත්‍රාත්වරයා රෝහල වෙත ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. මේ වන විට සැකකාර මාලක සිල්වා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මැද එම පෞද්ගලික රෝහලේම රිමාන්ඩ් සිරකරුවෙක් ලෙස ප්‍රතිකාර ලබමින් සිටියි.

01 වැනිදා අලූයම 1.00 ට පමණ මාලක සිල්වා ඇතුළු පිරිස එම රාත්‍රි සමාජ ශාලාව වෙත පැමිණ ඇත්තේ අධික ලෙස බීමත්ව බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. පහරකෑමට ලක්වූ බි්‍රතාන්‍ය ජාතිකයාගේ උපන් දිනය එදිනට යෙදී තිබුණු අතර ඔහු සිය පෙම්වතිය සමඟ එහි පැමිණ

නටමින් විනෝද වෙමින් සිට ඇත. එම අවස්ථාවේදී මාලක සිල්වා බි්‍රතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය සමඟ රංගනයේ යෙදී තිබේ. එහිදී එම තරු‚ය සහ මාලක සිල්වා අතර බහින්බස් වීමක් සිදුවී තිබේ. පසුව මාලක සිල්වා ඇයට පහර දී ඇතැයි කියති. එම අවස්ථාවේදී බි්‍රතාන්‍ය ජාතිකයා තම පෙම්වතිය බේරාගැනීමට උත්සාහ කරද්දී සැකකාර මාලක සිල්වාගේ ආරක්ෂකයන් ඔහුට සහ පෙම්වතියට අමානුෂික ලෙස පහර දී ඇත.

සමාජ ශාලාවේ කාර්ය මණ්ඩලය මැදිහත්වී විදේශිකයා සහ ඔහුගේ පෙම්වතිය බේරාගෙන ඔවුන් දෙදෙනා රෝහල්ගත කර ඇත.
සිද්ධිය පොලිසියට හා අධිකරණය දක්වා ගෙනයාමට විදේශිකයින් දෙදෙනාට අවශ්‍ය නොවූ අතර ඔවුන් පසුව පොලිසියට පැමිණ මේ ගැන වැඩිදුර සොයාබැලීමට අවශ්‍ය නැති බව කියා පිටව ගොස් ඇත. නමුත් මාලකගේ මිතුරාගේ පෙර පැමිණිල්ල සාවද්‍යවීම මත පොලිස් පරීක්ෂණ සිදුව තිබුණා.
ඊයේ සවස බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සිද්ධිය හෙළා දකින බවත් මේ සම්බන්ධයෙන් සොයා බලන බවට ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.
පහරදීමේ සිද්ධියේ සියල්ල සමාජ ශාලාවේ සී. සී. ටී. වී. කැමරාවල සටහන්ව තිඛෙන අතර ඒ ඔස්සේ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
මේ ආශ්‍රිතව අද පළවූ පත්තර කාටූනයක් පහතින්




2014 සෙනසුරු මාරුව කොහොමද?

වසර 30 කට පසු වෘශ්චික රාශිය වෙත සෙනසුරු එමින් 2014 නොවැම්බර් 2 ඉරිදා සිදුවුණ සෙනසුරු ග්‍රහ මාරුව ලග්න රැසකට විවිධ ප්‍රතිඵල උදාකරනු ඇති බව ජ්‍යොතිෂ්‍යවේදීන්ගේ මතයයි. මේ සම්බන්ධයෙන් පුවත්පත් 08 ක පළවූ පලාපල විස්තර පහත යොමු වලින් ගොස් විමසා බලන්නට හැකිය.
 


 පහල පුවත්පත් වල Click කර බලන්න.
Click කල පසු තප්පර 5 සිට ස්කිප් බටන් එක Click කරන්න.

http://adf.ly/tfj88

http://adf.ly/tfjCu

http://adf.ly/tfjKY

http://adf.ly/tfjNR

http://adf.ly/tfjQ0

http://adf.ly/tfjUD

http://adf.ly/tfjWq

http://adf.ly/tfjYv


1997 දිත් නාය ගියා 2005 දී ලයින් කාමර ඉවත් කරන්න කීවා ඒත් ඔවුන් කොහේ යන්නද?

ලංකාවේ  මධ්‍යම කඳුකර නාය යෑම් ඉතිහාසයේ  දරුණුම ඛේදවාචකය සනිටුහන් කරමින් කොස්ලන්ද මීරියකන්ද තේවත්තේ කිලෝමීටර් දෙකක් ඊයේ (29) පෙරවරු 7.45 ට පමණ ලංකා සිතියමෙන් මැකී ගියා.1997  කොස්ලන්දේ නාකැටිය නාය ගොස් තිබුණ අතර.එයින් හත් දෙනකු මිය ගියා.
ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය 2005 දී පවසා ඇත්තේ මෙම පෙදෙසේ පදිංචිකරුවන්
ඉවත් කළ යුතු බවයි.
මේ ගමේ අඩු ගණනේ 350ක් පමණ වාසය කළ බවත් මෙම නායයාමෙන් පසු රැකියාවට ගිය පිරිසක් හා පාසල් ගිය දරුවන් 70 ක් පමණ දිවි බේරා ගන්නට ඇතැයි වාර්තා වුණා.
මේ සම්බන්ධව ආපදා කළමණාකරණ ඇමතිවරයා පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා සමීක්ෂණ නිලධාරීන් දක්වන සංඛ්‍යාලේන විවිධ වෙනස්කම් සහිත වුවත් අඩුම තරමින් 200 කට වැඩි

පිරිසක් මෙම ඛේදවාචකය නිසා මියගිය බව කණගාටුවෙන් වාර්තා කරන්නට සිදුව ඇත.
ගමේ පදිංචි දිවි බේරාගත් තවත් කිහිප දෙනකු පැවසුයේ
ගමේ සමහර ගෙවල් අඩි සීයයක් පමණ පස් කන්දෙන් යට වී ඇති බවයි.සමහර තැන්වල ගෙවල් අඩි 50 කින් පමණ යටවී ඇති අතර අගක් මුලක් සොයාගන්නට නැත.

ලයින් හතක සීයක් එකසිය විස්සක් පමණ හිටියා. හය දෙනෙක් පමණ බේරිලා ඉන්න බව  ආරංචියි.දවස් දෙකකට කලින් මහත්තුරු කට්ටියක් ඇවිත් මේ ගමින් ඉවත් වන්නැයි කියා තිඛෙනවා.ඉතින් ඒ මිනිස්සු කොහේ යන්නද.ඒ මහත්තුරුන්ට කරන්න තිබුණේ කොහාට හරි තැනකට අරන් යන්නයි.මා එදා දුටු ගම දැන් මහා මඩ වළක් .ඒ මඩ වළ උඩින් වතුර පාරකුත් යනවා‘. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තරුණයෙකු කිව්වා.



මේ නාය යෑමෙන් 300 ක් විතර මැරෙන්න ඇති.ඒ අය කවදාවත් ගොඩ ගන්න බැරිවේවි.මේ ගම පිහිටියේ එදා නාය ගිය නායකැටියට උඩින්.‘ගම්වැසියෙකු කිව්වා.
කන්ද නාය යද්දී  බිරිය හා තමා දුවන්නට වූ බවත් බිරිය පසු පසින් දුවද්දී තමා ආපසු හැරී බලද්දී නැවත පස් කන්ද එන හැටි දැක තමා පැන්න බවත් බිරිය කන්දට යටවනු දුටු බවත් එක් සැමියෙකු කියා සිටියා.

දැන් ඔහු යාබද ගමේ  ගනේෂා දෙමළ මහා විදුහලේ අනාත කඳවුරේය. බිරිය ගැන කිසිදු තොරතුරක් නැත.එම කඳවුරේ 300ක් පමණ රැකවරණ ලබති.

කොස්ලන්දේ මීරියකන්ද නාය ගිය පෙදෙස කිලෝමීටර් දෙකක් පමණ වන බව සහන සේවකයෝ කියති.එම පෙදෙස තව දුරටත් නාය යන හෙයින් හා මිය ගිය අය සෙවීමට හැරීමෙන් නාය යාම වැඩි වී මහා අනතුරක් සිදු විය හැකි බව එහි ගිය අපදා කලමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
ලබන 03 වැනිදා තෙක් පාසල් 10 ක් වසා දැමුණු බවත් කියති.
නායයාමේ තවත් වීඩියෝ දර්ශන පහතින්.

2015 අයවැය නිසා වාහන මිල අඩුවන හැටි

2015 අයවැය මගින් මෝටර් රථ සඳහා හඳුන්වා දුන් නව සරල බද්ද හේතුවෙන් එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ සහ වෑන් රථවල මිල ගණන්වල කැපී පෙනෙන අඩුවීමක් සිදුවනු ඇතැයි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා ප්‍රකාශ කරනවා.
මේ නිසා හයබි්‍රඩ් මෝටර් රථ හා ජපන් මෝටර් රථවල මිල ගණන්ද
සුළු වශයෙන් අඩුවිය හැකි නමුත් එය කැපී පෙනෙන අඩුවීමක් නොවන බවද ඔහු කියනවා.
ඔහු ඒ ගැන දැක්වූ අදහස පහත පරිදිය.
—වෑන් රථවල විශාල ඉල්ලූමක් තිබුණා. අවශ්‍යතාවයට අපට ආනයනය කිරීමේ හැකියාවක් තිබුණෙ නෑ. ඒ ගැන රජය සලකා තුනෙන් එකක් විතර බදු අඩුකරල තිඛෙනවා. වෑන් රථ ආනයනය කිරීමට ඉදිරියේදී විශේෂ ඉඩ ප්‍රස්ථාවක් තිඛෙනවා.
මෝටර් රථ ආනයනය කිරීමේදී සරල බදු ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස වාහන ආනයන කරුවන් රජයෙන් ඉල්ලා සිටියා.මෙවර අයවැයෙන් එය ක්‍රියාත්මක කිරීම ජයග්‍රහණයක්. බදු සරල කිරීම නිසා බදු පැහැර හැරීම අඩුවී රාජ්‍ය බදු ආදායම වැඩිවනවා.

මේ අතර මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඒ ගැන දැක්වූ අදහස පහත පරිදිය.

z2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවනවා. මෙම අයවැය යෝජනාව එදින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන නිසා අනිවාර්යෙන්ම මෝටර් රථවල හා වෑන් රථවල මිල ඉක්මනින් අඩුවනවා. මෝටර් රථ හා වෑන් රථ ආනයනයේදී තිබූ බදු සියල්ල එකතු කර විශේෂ බද්දක් මෙවර අයවැය මගින් හඳුන්වා දී තිඛෙනවා. මේ නිසා, මෙම වාහනවල මිල අනිවාර්යෙන්ම අඩුවෙනවා.—

මෙම නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර තිබේ. මේ අනුව, කුඩා මෝටර් රථවල ආනයන බදු සියයට 29 කින් පමණ පහළ යනු ඇත.
වෑන් රථ සැලකීමේදී භාණ්ඩ ප්‍රවාහනය කරන වෑන් රථවල සියයට 175 කට තිබූ බද්ද සියයට 100 ක් දක්වාත් ආසන 13-20 ත් අතර තිඛෙන වෑන් රථවල ආනයන බදු සියයට 126 ක සිට සියයට 100 ක් දක්වාත් අඩුකර ඇත.

දියණියන්ට අතවර කර බිරියගේ නිරුවතත් පටිගත කර අ‍ලෙවි කරලා..

පෙර විවාහයේ දියණියන් දෙදෙනා ඇතුළු දියණියන් තිදෙනාට ලිංගික අතවර කිරීම ගැනත්, තර්ජනය කොට බියවද්දා තමා ද බලහත්කාරයෙන් වෙනත් පිරිමින්ට අලෙවි කිරීම ගැනත් එම කටයුතු සී.ඩී. පටවලට ඇතුළත් කොට අලෙවි කිරීම ගැනත් තම සැමියාට එරෙහිව කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියත්, ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයත් චූදිතයා ආරක්ෂා කිරීමට ක්‍රියා කරන බව පවසමින් බිරියක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම්
  පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

 එම පෙත්සම පසුගියදා (30) සලීම් මාර්ෂුක්, කේ. ශ්‍රී පවන් හා ඊවා වනසුන්දර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ඉදිරිත් වූ අතර ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ. තිරාණගම මහතා පෙත්සම්කාරිය වෙනුවෙන් කරුණු දැක්වීය.මිනුවන්ගොඩ මැඩෑමුල්ල පදිංචි එස්.ඩී. නිර්මලා ජානකී මල්කාන්ති වීරසිංහ නමැත්තිය විසින් ගොනුකර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස සිය සැමියා වන නාත්තණ්ඩිය සාගරගම පදිංචි ෂර්මිල් නයන් සතරසිංහ යන අය ද ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ද එම කාර්යාංශයේ ස්ථානාධිපති ‍පො.ප. සැම්සන් ප්‍රනාන්දු, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති අනෝමා දිසානායක, එම අධිකාරියේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ‍පො.ප. බෝපිටිගොඩ, මාරවිල ‍පොලිස් ස්ථානාධිපති, ‍පොලිස්පතිතුමා සහ රජයේ නීතිපතිවරයා ද නම්කොට ඇත.

                      පෙත්සමෙහි මෙසේ ද සඳහන් වේ.මළ‍පොතේ අකුරක් නොදන්නා නූගත් අයකු වන තමා ළාබාල වියේදීම හිතුවක්කාර ලෙස ගමේම තරුණයකු සමග පැනගොස් යුගදිවියක් ගත කළ බවත් දූවරුන් දෙදෙනකු ද ලැබුණු පසු සැමියා ආගිය අතක් සොයාගත නොහැකි වූ බවත් අහල පහළ ගෙවල්වල වැඩකොට උපයාගත් මුදලින් දරු දෙදෙනා ද සමග දිවි ගෙවද්දී නිමි ඇඳුම් කම්හලක රැකියාවක් ලැබුණු බවත්, ඒ අතරතුර හමු වූ වත්මන්  සැමියා සමග යළිත් යුගදිවියක් ආරම්භ කළ බවත් පවසන පෙත්සම්කාරිය ඔහුට දාව පළමු දරුවා ලැබුණු පසු තමාගේ බලකිරීම මත විවාහය ලියාපදිංචි වූ බවත් එහෙත් ඔහු තමාට ඉවසා දරාගත නොහැකි විවිධ විකෘති ලිංගික ක්‍රියා සිදු කරමින් නිතර නිතරම වද හිංසා පැමිණවූ බවත් ඉන් නොනැවතුණු ඔහු තම දියණියන් දෙදෙනාට ද ලිංගික අතවර කරන්නට පටන්ගත් බවත් පවසයි.

 ඉනුත් නොනැවතුණු ඔහු ඔහුටම දාව උපන් දරු දෙදෙනාට ද යන්තම් වයස අවුරුදු 1 1/2 පමණ වෙද්දී විවිධාකාර වූ ලිංගික ක්‍රියාවන් සිදුකරන්නට පටන්ගත් බවත් පෙත්සම්කාරිය ප්‍රකාශ කොට ඇත.දියණියන්ට ලිංගික අතවර කිරීමට එරෙහිව තමා ‍පොලිසියට හා ළමා හා කාන්තා කාර්යාංශයට ද පැමිණිලි කිරීමෙන් පසු ඒවා තවතවත් වැඩි වූ බවත් තමාට මත් එන්නතක් ලබා දී අසභ්‍ය වීඩියෝපට පෙන්වමින් ඒවායෙහි ඇති විවිධ ක්‍රියාවන්වල යෙදෙමින් තමාට බරපතළ ලෙස වධ හිංසා පැමිණවූ බවත්, තවද තර්ජනය කොට බියවද්දා මහ රෑ 11.00ට 12.00ට පමණ වෙනත් පිරිමින් සමග ලිංගිකව හැසිරීමට ද තමා යෙදවූ බවත් මෙලෙස නිතර නිතර පැමිණි අය අතර ඔහු සේවය කරන නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද වූ බවත් පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් ප්‍රකාශ කර සිටී.

                         මෙම සියලු අතවර ගැන ‍පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයට හා ජාතික ළමාරක්ෂක අධිකාරියට කරන ලද සමහර පැමිණිලි භාර නොගත් බවත් මුලදී භාරගත් පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණයට පවා අසත්‍ය තොරතුරු වාර්තා කරමින් චූදිත සැමියා ආරක්ෂා කිරීමට එම නිලධාරීන් ක්‍රියා කළ බවත් පෙත්සම්කාරිය අවධාරණය කොට සිටී.
 මේ වන විට වැඩිමහල් දියණියට වයස 21ක් හා දෙවැනි දියණියට  වයස 18ක් වන බව ද පෙත්සමන් ප්‍රකාශ කොට ඇත.

                            2004 වර්ෂයේ සිට මේ සම්බන්ධයෙන් මාරවිල ‍පොලිසියටත්, හලාවත ‍පොලිසියටත් කිහිප වතාවක්ම ගියමුත් ‘නයන් මහත්තයලා හොඳ වැදගත් අය. කලබල වෙන්න එපා.’ යැයි කියමින් පැමිණිලි භාර නොගෙන ආපසු එවූ බවත් එලෙස පැමිණි හැම දිනකම රාත්‍රියේ තමාට පිරිමින් කීප දෙනකු සමග හැසිරීමට සැමියාගේ බලකිරීම හා තර්ජනය මත සිදුවූ බවත් ඇය ප්‍රකාශ කර ඇත.
කොළඹ කොටුව ‍පොලිසියට ද ගියමුත් එහි දී ද පැමිණිල්ල භාර නොගත් බව ද ඇය කියා සිටී.

                      2010.05.12 තම දරු දෙදෙනා බලහත්කාරයෙන් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ගිය අවස්ථාවේ එහි සිටි කාරුණික නිලධාරිනියක් පැමිණිල්ල ලියා ගැනීම නිසා බම්බලපිටිය ළමා මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු කියා දරු දෙදෙනා ලබාගත හැකි වූ බව ද ඇය පවසයි.

               පෙත්සම්කාරිය මෙම කරුණු තහවුරු කිරීම සඳහා ‘මගේ දරුවන් දෙදෙනාට පියාගෙන් ලිංගික අපයෝජන සිදුව ඇති බවට’ ප්‍රකාශ කරමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මනෝ චිකිත්සක හා මනෝවෛද්‍ය බාල් රංජිත් මහතාගේ 2010.12.15 දිනැති වෛද්‍ය වාර්තාවක් ද කළුබෝවිල මහ රෝහ‍ලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සඳකැන් වඩුගේ මහතාගේ 2011.01.13 දිනැති වෛද්‍ය වාර්තාවක් ද, කොළඹ ජාතික රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් 2011.11.05 දින නිකුත් කරන ලද වෛද්‍ය වාර්තාවක් ද, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ ළමා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය ළමා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත 2011.11.14 දින ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාවක් ද පෙත්සමට අමුණා ඇත.

                              තවද තම පියා විසින් ලිංගික අතවර කරන ලද බවට එම දරුවන් විසින්ම ප්‍රකාශ කොට ඇති හෙයින් ඒ පිළිබඳ විමර්ශනය කොට වරද සිදුකොට ඇති මෙම පුද්ගලයාට එරෙහිව නඩු පවරන ලෙස 2011 මැයි 25 වැනි දින ළමා මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ජාතික ළමාරක්ෂක අධිකාරියේ ‍පොලිස් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට කරන ලද නියෝගයේ සහතික පිටපතක් ද පෙත්සමට අමුණා ඇත.

                                ඉහත කී අසාධාරණයන්ගෙන් පීඩාවට පත් තමා 2013.11.12 දින කොළඹ කොටුවේ මගී පාලම මතින් බිමට පැන දිවිනසාගැනීමට සූදානම් වූ බවත්, ඒ සම්බන්ධයෙන් තමාට දින 26ක් රිමාන්ඩ් භාරයේ සිටීමට සිදුවූ බවත් පවසන ඇය අධිකරණ නියමය පරිදි අංගොඩ මානසික රෝහ‍ලේ මානසික රෝග වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් පවත්වන ලද පරීක්ෂණ වාර්තාව ද පෙත්සමට අමුණා ඇත.
 පෙත්සම සම්බන්ධයෙන් කල්‍යානන්ද තිරාණගම මහතා සිය කනිෂ්ඨ නීතිඥවරුන් වන ස්වර්ණපාලි වනිගසේකර මෙනවිය හා ශ්‍යාමා ගමාරච්චි මහත්මියගේ සහාය ලබමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර රජයේ නීතිපතිවරයා වෙනුවෙන් ‍‍‍ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අයන්ති පෙරේරා මෙනවිය පෙනී සිටියේය.මෙම පෙත්සම ලබන නොවැම්බර් මස 04 වැනි දින යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.