ජනපති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ අද(24) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියෙහි කැපී පෙනෙන කාරණා කිහිපයක් සාරාංශ වශයෙන් පහත දැක්වේ.
රජයේ සේවක දීමනාව රුපියල් 10,000ක උපරිමය දක්වා 2200කින් වැඩි කෙරේ
රජයේ සේවකයන්ට අවම මාසික වැටුප 15,000 ජීවන වියදම් දීමනාව 2200 කින් ඉහලට
සේවක අර්ථ සාධක අරමුදල හාම්පුතුන්ගේ දායකත්වය 14% දක්වා වැඩිවේ
2015 ජනවාරි සිට පුද්ගලික අංශයේ අවම වැටුප 10,000 යි
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ විශ්‍රාමිකයින්ගේ තැන්පතු සඳහා රාජ්‍ය බැංකුවලින් 12%ක පොළියක්
ජල ගාස්තුව මුල් ඒකක 25 සඳහා 10% දක්වා අඩු කෙරේ.
උපයන විට ගෙවන බද්ධ 16% ලෙසත් එකතුකිරීමේ බද්ධ (වැට්) 11% දක්වා අඩුවේ
මාස 6ක් ඇතුළත සෑම සේවකයෙකුගේම අර්ථසාධක හා හිඟ බදු ගෙවිය යුතුයි
ග්‍රාමීය ප්‍රවාහන සේවය දියුණු කිරීමට කුඩා බස් රථ 500 ක් අලූතින් සේවයේ යොදවයි.
පෙර පාසල් ගුරුවරියන්ට රුපියල් 2500ක මාසික දීමනාවක් දෙනු ලැබේ.
රාජ්‍ය සේවකයින් 1400000 දක්වා වැඩිකරනු ඇත.
2020 දී විශ්ව විද්‍යාල සඳහා සිසුන් 100000ක් ඇතුළත් කරගන්නවා
වාහන ආනයනය සඳහා විශේෂ බදු ක්‍රමයක් හඳුන්වාදෙයි.
විදේශ රැකියාවල නිරත වන්නන් හට මෝටර් රථ ගෙන්වීමේදී
විශේෂ බදු ක්‍රමයක්
විදේශ රැකියාවල නිරත වන්නන් හට ගොවි විශ්‍රාම වැටුපට සමාන විශ්‍රාම වැටුපක්
දිවි නැගුම සමෘද්ධි දීමනා ඉහලට
ළදරු කිරිපිටි සහන මිලට ලංකා සතොස මගින් ලබාදීමට යෝජනාවක්.
මාධ්‍යවේදීන් සඳහා වන ණය යෝජනා ක්‍රමය ප්‍රසාරණය කිරීමට යෝජනා කරනවා
ත්‍රිරෝද රථ රියැදුරන් වෙනුවෙන් රක්ෂණ සහ විශ්‍රාම වැටුප් හඳුන්වාදෙයි.
සැලූන්, ටේලර් සාප්පු ආදී ස්වයං රැකියාවල නිරත වන්නන්ට 6%ක පොළියට ණය
විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ සඳහා වන බදු 25 % අඩුවේ
සුගතදාස ක්‍රීඩාංගනයේ නවීකරණයට රුපියල් මිලියන 2250ක්
ආබාධිත සිසුන්ට මසකට 750 ක ප්‍රවාහන දීමනාවක්
ආබාධිත පුද්ගලයින් සඳහා මසකට රුපියල් 3000ක්.
වැඩිහිටි ආධාරය මසකට රුපියල් 2000 දක්වා වැඩි කෙරේ
පදික වෙළෙඳුන්ට ණය පහසුකම්
සරසවි වරම් නොලබන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට මසකට රු.3000ක දීමනාවක්
සරසවි මහපොළ ආධාරය රුපියල් 4000 දක්වා ඉහළ දමනු ඇත.
ග්‍රාමීය පාසල් සඳහා ගුරු සහායකයන් 50,000 ක් බඳවා ගැනේ
කැසිනෝ සඳහා ඇතුළුවේමේදී ඩොලර් 100ක් අය කිරීම
පිරිවෙන් සංවර්ධනයට දෙන ආධාරය 1000000 දක්වා ඉහළ දැමීම
පාසල් 1000ක් අංග සම්පූර්ණ කිරීමට රුපියල් මිලියන15000 අතිරේක මුදලක් වෙන් කිරීම
සෑම පුරවැසියෙකුම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට රුපියල් මිලියන 500ක් වෙන්කිරීම
කාන්තාවන්ගේ පිළිකා වැලැක්වීම සඳහා රුපියල් මිලියන 700 ක් වෙන් කිරීම.
වකුගඩු රෝහල් නවීකරණයට රුපියල් මිලියන 750ක් වෙන් කිරීම
වකුගඩු රෝගීන්ට මසකට රුපියල් 3000ක දීමනාවක්.
සාධාරණ මිලට මාළු දෙන්න රුපියල් මිලියන 1500ක ආයෝජනයක්
විසිතුරු මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීමට මිලියන 50 ක්
ඇඟලූම් කර්මාන්තයේ සුරක්ෂිතතාවය හා ආරක්ෂිතභාවය සඳහා නව විශ්‍රාම වැටුපක්
කුඩා වතු හිමියන්ටද ගොවි විශ්‍රාම වැටුප ලබාදීමට නියම කෙරේ.
රබර් නිෂ්පාදන සෙස් බද්ද රුපියල් 10කින් වැඩි කෙරේ
පොල් සඳහා කප්රුක ආයෝජන ණය ලක්ෂ 30 දක්වා ඉහළට
රබර් සඳහා රුපියල් 300ක සහතික මිලක්
කිලෝ 50 පොහොර මල්ල රුපියල් 1250ට තව දුරටත් ලබාදීම.
බිත්තර වී නොමිලේ. වී කිලෝවක සහතික මිල රු 40 දක්වා ඉහළට.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වාහන හා උපකරණ ගැනීමට රුපියල් මිලියන 200ක්
තැපෑල මුළුමනින්ම නවීකරණය කිරීමට රුපියල් මිලියන 1500ක් වෙන්කෙරේ
දුම්රිය සේවකයන්ගේ වැටුප් විෂමතාව විසඳීමට අතිරේකව රුපියල් මිලියන 2000ක් වෙන්කෙරේ.
පළාත් සහ ග්‍රාමීය මාර්ග සඳහා රුපියල් මිලියන 20000ක අතිරේක මුදලක්
නව වාරිමාර්ග සඳහා රුපියල් මිලියන 15000ක් වෙන්කෙරේ
නව ජල සම්පාදන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කෙරේ.
සේවක අර්ථසාධක අරමුදලේ අවරුදු 10 ට වඩා සක්‍රීය ගිණුම් හිමියන්ට 1000 ක ලාභාංශයක්
හිඟ=රාන කන්තලේ සහ පැලවත්ත සිනී සමාගම් නවීන කර්මන්ත ශාලා කිරීමට රුපියල් මිලියන 5000ක් වෙන්කෙරේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගුව පරිගණක පද්ධතියක් මගින් හෙට සිට සම්බන්ධ වෙයි.