කලක් තිස්සේ ඇදි ඇදී ගිය දමිතා සේමිණී නඩු හබය ඉල්ලා අස්කර ගැණුනු බවට පුවතක් අපට ආරංචි වුණා. නඩුව ඉල්ලා අස් කර ගත් දින සන්ධ්‍යාවේ අපි මේ දෙදෙනාටම කතා කළා.
දමිතා - සේමිණී නඩුව සමථයකට පත්වුණු බව අපට ආරංචියි?
ඔව්. අදමයි අපි නඩුව ඉල්ලා අස්කර ගත්තේ.
සේමිණී නඩුදාලා, සේමිණීම ඉල්ලා අස් කරගත්තේ ඇයි?
මේ සිද්ධිය වෙනුවෙන් පුද්ගලිකව තවත් කාලය, ශ්‍රමය, මුදල් වැයකිරීම කිසිම තේරුමක් නැති වැඩක් කියලා මට තේරුණා. නඩු දැම්මේ මට සිද්ධ වුණු අපහාසයක් වෙනුවෙනුයි. ඒත් ක්ෂේත්රයේ ප්‍රවීණයෝ, සහ හිතවතුන්, මාධ්‍ය මිතුරන් බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලා හිටියා මේක තවත් දුරදිග ගෙනියන්න එපා කියලා. ඒ අයට ගරුකිරීමක් හැටියටයි මම මේ තීරණයට අවේ. අනික මම අම්මා කෙනෙක්. මට පවුලක් ඉන්නවා. මට නැතිවෙන්න දේවල් තියෙනවා. මේ තීරණය ගත්තේ ඒ හැමදේම ගැන හිතලයි.
දෙන්නා කතා වුණාද දැන් ඉතින් සමථයකට පත්වෙමුයි කියලා?
නෑ. නෑ. එයයි මායි කතාවුණේ නෑ. දෙපැත්තේ නීතිඥයෝ කතා කළා.
නඩුවක් දාපු එක ගැන සේමිණී දැන් දුක් වෙනවද?
නැහැ. කොහෙත්ම නැහැ. මට ඒගැන පසුතැවීමක් නෑ. කාලයත් එක්ක මිනිසුන්ගේ තීරණ වෙනස් වෙන්න පුළුවන්.
නඩුවේ ජය කාට ලැබුණයි කියලද සේමිණී හිතන්නේ?
මේක කාටවත් ජයක්, පරාජයක් හම්බ වුණු දෙයක් නෙවෙයි. නඩු තීන්දුවකුත් නෙවෙයි. ඒ නිසා ජය පැරදුමක් නැහැ. නඩුව ඉල්ලා අස් කර ගත්තේ දෙපැත්තටම ඒ වුවමනාව තිබුණ නිසයි. නැත්නම් මම ඉල්ලා අස් කරගත්තත් අනික් පාර්ශ්වයට නඩුව ඉදිරියට ගෙනියන්න පුළුවන්කම තිබුණනේ.
නඩුව සමථය වුණා වගේ හිතේ තරහත් නිමිලද දැන් තියෙන්නේ?
හිතේ පොඩි කලකිරීමක් අකමැත්තක් තියෙනවා. තව අවුරුද්දක් දෙකක් යද්දී ඒවත් නැතිවෙලා යයි. අපි හැමෝම ඉතින් මිනිස්සුනේ.
කලක් තිස්සේ ඇදි ඇදී තිබුණු නඩුව සමථයක් වෙන්න හිතුවේ ඇයි?
ඒ තීරණය ගත්තේ මම නෙවෙයි. සේමිණී. නඩු දැම්මෙත් එයා. ඉල්ලා අස්කර ගත්තෙත් එයාමයි.
සේමිණී නඩුව ඉල්ලා අස්කර ගත් එක ගැන දමිතාට මොකද හිතෙන්නේ?
මට අද වැදගත් දවසක්. මේ ක්ෂේත්රයේ හැමෝටම මම ආදර්ශයක් දුන්නා කියලා මම හිතෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එක එක්කෙනාගේ කේලම් අහන්නේ නැතුව අදාළ කෙනාට කතා කරලා මනුස්සකමින් ප්රශ්නය විසඳගත්තා නම් හොඳ බව අද ඔප්පු වුණා.
එහෙම නම් මේ නඩුව මෙතරම්ම දුරදිග ගියේ ඇයි?
නඩුවට කලින් සේමිණීට තුන් පාරක් කතා කළා. කතාකරලා මං කිව්වා නඩුව දාන්න කලින් අපි දෙන්නා කතාකරලා මේ ප්රශ්නය විසඳමු කියලා. නඩු දැම්මොත් ක්ෂේත්රයටත් කැලලක් වෙනවා. අපි කාලයක් හිතවත්කමින් වැඩ කළා. ඒ නිසා ඉදිරියටත් එහෙම කරමු කියලා.
ඒ වෙලාවේ එයා මට තර්ජනය කරලා කිව්වේ ඔයාට මම පාඩමක් උගන්වනවා කියලයි. තුන්වැනි වතාවේ මම සේමිණීට කතා කළාම එයා කෝල් එක ආන්ස්වර් කරලා පැත්තකින් තියලා වෙනත් ඇමතුමක් අරගෙන මේ සිද්ධිය ගැන කියලා මට බැණ්නා මට ඇහුණා. මම කෝල් එක කට් කලා. එස්.එම්.එස්. පණිඩුඩයක් තිබ්බා මම කාටවත් වරදක් කරලා නෑ. ඒ නිසා මං බය නෑ. මම කතා කළේ මනුස්සකමටයි කියලා. ඒ මගේ අන්තිම කෙටි පණිඩුවය. ගිය අවුරුද්දේ ඒ ප්රශ්නය වුණේ.
නඩුව ඉල්ලා අස් කරගන්න බව කියන්න සේමිණී දමිතාට කතා කළාද?
නැහැ. මං වෙනුවෙන් පෙනී හිටියා නීතිඥවරු තුන් දෙනෙක්. ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙවිල් අබේරත්න, සමන්ති ගමගේ, ප්‍රදීප් ගමගේ කියන තුන් දෙනා. සේමිණී කතා කරලා තිබුණේ මගේ නීතිඥවරුන්ට. ඒ අය එයාට කියලා තිබුණා අපි නඩු දැම්මේ නැති නිසා අපට ඉල්ලා අස් කරගන්න වුවමනා නැහැ. ඔයා කැමැතිනම් අපි සලකා බලන්නම් කියලා.
දමිතා හිතන්නේ සේමිණී දිනුවා කියලද? දමිතා දිනවා කියලද?
සත්‍යය කවදහරි ජයගන්නවා. හෘද සාක්ෂිය ප්‍රබලයිනේ. වරදක් කළොත්, නීතියෙන් දඪුවම් ලැඛෙනවා වගේම ස්වභාව ධර්මයෙන් දඪුවම් ලැඛෙනවා. එයා ඉල්ලා අස්කර ගැනීමම මගේ ජයක්. මේ නඩුවෙන් දිනුවේ මමයි.
සඳමාලි වර්ණසූරිය
හර්ෂණී වීරරත්න