වතුර ‍බේසමට වැටුණු දොස්තර මරුට

අඟල් 10ක් පමණ ගැඹුරට ජලය පිරී ඇති ජල බේසමකට වැටීමෙන් අරනායක දිසා රෝහලේ වෛද්‍යවරයකු මරණයට පත්ව ඇති පුවතක් ‍ගොසිප් සී ලංකා ‍‍වෙබ් අඩවිය සමග ‍රෝහල් ප්‍රකාශකවර‍යෙකු සදහන් කරයි, ‍මේ අරුම පුදුම සිද්ධිය වූ දින වෛද්‍යවරයා අධික ලෙස බීමත්ව සිට ඇති බවත් ඔහු නානකාමරයට ගිය අවස්ථාවේදී එහි තිබූ වතුර බේසමක් තුළට මුනින්තලාවී වැටී හුස්ම සිරවී වැටී මෙම මරණය සිදුව ඇති බවත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත.

 වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ මාවනැල්ල මූලික රෝහලේ දී පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධ‍යෙන් අරනායක ‍පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.